ආණ්ඩුව බකල් කරන්නනම් පරිසර ප්‍රශ්ණ ඇදල ගන්න ඕන..ඊළඟට මීමුරේට..ජවිපෙ සජබෙ රහස් සාකච්ඡාවක

0

රජය විසින් සිදු කරනු ලබන සෑම සංවර්ධන කටයුත්තක් පිලිබදව සියුම්ව නිරීක්ෂණය කර පරිසරයට හානි කරනවා යැයි ජන මතයක් ගොඩනගන ලෙස ජනතා විමුක්ති පෙරමුන සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරැ පිරිසක් මුණ ගැසී එකගතාවයකට පැමිණ ඇත.

තමන්ට හිතවත් වන අඩවි නිලධාරීන්, ස්වාමීන් වහන්සේලා හා පරිසර සංවිධාන වලට කතා කර පරිසර හානි වෙනවායැයි මාධ්‍යට ප්‍රකාශ කර වීමට මෙහිදී තීරණය කර ඇත. පොඩි ගහක් හරි අල්ලගෙන පරිසරය විනාශ කරන බවට මාධ්‍යට දැනුම් දෙන ලෙස මෙහිදී දැනුම් දී ඇත. සංවර්ධනය එකම ගසක්වත් නොකපා සිදු කරන මී මුරය මාර්ගයට පවා මේ වන විට බාදා කිරීමට විපක්ෂය සැලසුම් කර ඇත.

මෙම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, අනුර කුමාර දිසානායක, හර්ෂද සිල්වා ඇතුලු තවත් මන්ත්‍රීවරැ පිරිසක් සහභාගී වී ඇත. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ යූනියන් පෙදෙසේ ජනප්‍රිය හා විශාලතම ව්‍යාපාර සමූහයකට අයත් අවන්හලකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here