හිරුණිකාගේ කතාවට විමල්ගෙන් කන පුරෝල උත්තරයක්

0

අමාත්‍ය විමල් වීරවංශ මේ දිනවල පොදුජන පෙරමුණේ පිරිස් සමඟ ඇතිකරගෙන තිබෙන වාද බේද හේතුවෙන් ඉදිරියේදී තමන් නියෝජනය කරන පිළ සමඟ විමල් වීරවංශ අමාත්‍යවරයාද එක්වන බවට හිටපු පාර්ලිමේන්තු මංත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා සිටියා.අද දින එම ප්‍රකාශයට අමාත්‍ය වීරවංශ තම මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.එම සටහන පහතින්,

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පළ කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සුදානමින් සිටින බව ය. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබිණි.

ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරලතම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.

අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබූ 69 ලක්ෂයේත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ත ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අපහට එල්ල කළ ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණුවල වෙනසක් නොවන බව ද විශ්වාසයෙන් යුතුව කියමි.

අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනා වෙත සංවේගය පළ කරමි..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here