රජය කොවිඩ් මරණ භූමදානය කරන්න එපා කියලා නෑ

0

කොරෝනා මරණ භූමදාන කිරීම මෙරට භූගෝලීය පිහිටීම අනුව බරපතළ ගැටලුවක් බව පොදුජන පෙරමුණු
පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කරනවා.රටේ ආර්ථිකය බින්දුවේ තවමත් පවතින බවත් පොදුජන පෙරමුණ තුළ පවතින ගැටලු අග්‍රාමාත්‍යතුමා විසින් විසඳන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

බළංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවයට සහභාගිවෙමින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.

“ශ්‍රී ලංකාවේ භූමියට ඉතාමත්ම කිට්ටුවෙන් මුහුදු ජලය තිබෙන්නේ.මේක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ලංකාවේ භූගෝලීය පිහිටීම කොරෝනා මරණ භුමදානය කිරීම ගැටළුවක් වෙලා තියෙනවා.එහෙම නැතුව මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ජාති ආගම් ජාති ආගම් බේද ඇති කරන්න නෙමෙයි මේ කොරෝනා මරණ ආදාහනය කරන්නේ.

රජය කොවිඩ් මරණ භූමදානය කරන්න එපා කියලා නෑ.විශේෂඥ උපදෙස් නිසා තමයි ආදාහන කරන්නේ ” යනුවෙන් ඔහු කරුණු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here