රට වහන්න ඕන උනත් ණය බරින් මිරිකිලා නිසා ලොක්ඩවුන් කරන්න බැහැ – ගම්මන්පිල.

0

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට නැවත සම්පූර්ණයෙන්ම වසා දැමීමට අපේක්ෂා නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසූයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා තැබිය නොහැකි බවය.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස රට නැවත ලොක්ඩවුන් කිරීමේ සැලසුමක් පවතින්නේ දැයි පවතින්නේදැයි දැයි මාධ්‍යවේදීහු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් උදේ ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේය.

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවයක් මතු වුවද රට හමුවේ ඇති ආර්ථික අභියෝග සහ ණය හමුවේ එවැනි තීරණයක් ගැනීම අපහසු බව ද රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ රෝගීන් දහතුන් දෙනෙක් පමණක් හමුවෙලා හතර වන වතාවටත් ලොක්ඩවුන් එකකට ගිහින් තියෙනවා.නමුත් ශ්‍රී ලංකාවේ අපිට මාස දෙකහමාරකට ආසන්න කාලෙකට රට වසා දැමීමෙන් පස්සේ අපි දැක්කා ලංකාවේ ආර්ථිකය ඇතිවුණු කඩාවැටීම.ලක්ෂ ගණනකට රැකියා අහිමි වුණා.ශ්‍රී ලංකාව වැනි දැඩි ලෙස ණය බරින් මිරිකිලා ඉන්න රටකට තවදුරටත් වසා තබාගෙන සිටීමේ ආර්ථිකමය ශක්තියක් නැහැ.අපට කරන්න උවමනා වුණත් හැකියාව නැහැ.ඉතින් ආණ්ඩුව පුළුවන් තරම් රට විවෘතව තබාගෙන මේ ප්‍රශ්න විසඳාගැනීමට තමයි උත්සාහ ගන්නේ.කොරෝනා වෛරසය සමග ජීවත් වීම තමා අද අප ඉදිරියේ තිබෙන අභියෝගය.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here