චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඞ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ ‘දිවයින’ට පැවසූහ.
කොරෝනා එන්නත ලබා නොගතහොත් එරටට ගොස් නිරෝධායනය වීමට සිදුවන බැවින් එම එන්නත ලබා ගත් නමුත් එම එන්නත පිළිබඳව තමන් තුළ තවමත් කිසිදු විශ්වාසයක් නැතැයිද උන්වහන්සේ කීහ.
තමන් එන්නත ලබා ගැනීමට පෙර විදේශීය එන්නත් පිළිබඳව විවේචනය කළත් විදේශගත වීමට අවශ්‍යම නිසා එන්නත ලබා ලත් බවද රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
නෝමන් පළිහවඩන ( දිවයින )