අර්ජුන ගේන්න පියවර ගනිමින් සිටිනවා.

0

මේ වනවිට විදේශගත වී ඇති පළමු මහ බැංකු බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් දෙදෙනකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අජාන් ගාර්දිය පුංචිහේවා ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අධිකරණ නියෝග අනුව පියවර ගනිමින් පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා ඊයේ (19 දා* විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු දසදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත හා නාමල් බලල්ලේ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඒ බව පෙන්වා දුන්නේය. එම නඩුව ලබන මාර්තු 18 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය.

2015 පෙබරවාරි 27 වැනිදා පැවැති මහ බැංකු – බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් මිලියන 688 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here