කැබිනට් අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීම යටතේ ඇමැති ප්‍රසන්න රණතුංගට ලබාදුන් කිරුලපන ලුම්බිණි මාවතේ පිහිටි නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය වන බව ගණන් බලා තිබේ.
මෙම නිල නිවස යහපාලන රජය සමයේ රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවලට ලබාදී තිබුණි. නිල නිවස සම්පූර්ණයෙන් විනාශ වී ඇතත් අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය නොකරන ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දී ඇත.
( අරුණ )