BJP යට මෙරටේ දේශපාලනයට ඉඩදිය යුතුයි..නැත්තන් ලංකාව ප්‍රාන්ත දෙකකට බෙදීයෑම වළක්වන්න බෑ.

0

ඉන්දියාවේ ජනතා පක්ෂයට ශ්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතු කිරීමට ඉඩ ලබා නොදී ඊට තහංචි පනවන්නේ නම් ශ්‍රී ලංකාව ප්‍රාන්ත දෙකකට බෙදී යාමේ විශාල අනතුරක් ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීන් ගේ සිවාජිලිංගම් යාපනය දී පැවසීය.

මාධ්‍යවේදීන්ය අදහස් දක්වමින් කතා කළ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ කොමියුනිස්ට් පක්ෂයේ ලෝකයේ ඕනෑම රටක දේශපාලනය නිරත වීමට අවකාශ ඇත්නම් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට දේ අයිතිවාසිකම් හිමිවන බවයි.

ඒ අයිතිවාසිකම ඉන්දියාවට ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකාව හා තමිල්නාඩුව වශයෙන් ප්‍රාන්ත දෙකක් බිහිවීම කවරකුටවත් වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කරයි.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ පක්ෂ ලාංඡනය නෙළුම් මල බව පැවසූ ඔහු එය ශ්‍රී ලංකාව තුළ වන්දනීය පූජනීය පුෂ්පයක් ලෙස සලකන්නේ නම් එම පක්ෂයේ සලකුණ වෙනස් කොට රට තුළ භාවිතා කළ හැකි බවද කියා සිටී.

එය එසේ වුවහොත් නවදිල්ලි පාර්ලිමේන්තුව හා උතුරු අතර දැඩි සබඳකමක් ගොඩනැගෙන බව ප්‍රකාශ කරන ඔහු තවදුරටත් තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව ඉන්දියාව එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍ය වැනි රටවලට විරුද්ධ නොවිය යුතු බවයි.

එවැනි ක්‍රියා නිසා එම රටවල හමුදාවන් ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි විය හැකි බව පවසන සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ඉන්දු ලංකා ගිවිසුම් වලට අනුව මේ රටේ ඉඩම් වෙනත් රටවලට විකිණීම බදු දීම නොකළ යුතු බවත් සඳහන් කළේය.

උතුරේ සංවර්ධන ව්‍යාපෘති චීනය වැනි රටවලට භාරදීම නිසා උතුර පලාත තුල නොනවතින විරෝධතා රැල්ලක් නිර්මාණය විය හැකි බවද බවද ඔහු පැවසීය.

( මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here