ශ්‍රී අකුර තිබ්බනම් රිය අනතුරකදී තමන්ගෙ දරුවො අදුනගන්න දෙමව්පියන්ට ලේසියි. (VIDEO)

0

අතීතයේ ශ්‍රී ලාංකාවේ වාහනවල අංක තහඩවේ තිබූ ශ්‍රී අකුර ඉවත්කර ඒ වෙනුවට ඉංග්‍රීසි අකුරු සහ ඉරි කෑල්ල යොදා ගැනීම අනුවන ක්‍රියාවක් බවත්,ඒ තුළින් සිංහල භාෂාව පරිහානියට පත්වූ බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පවසනවා.රිය අනතුරකදී වූවද ශ්‍රී අක්ෂරය තිබුනේනම් තමන්ගේ දරුවන් ගමන් කළ වාහනය හදුනාගැනීමට ඕනෑම දෙමව්පියන්ට හැකියාව තිබූ බවද ඔහු පවසා සිටියා.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට එදා විජමු ලොකුබණ්ඩාර මහතා මෙම තීරණයට එකඟ වූ බවත් එදා එලෙස කිරීම අනුවන ක්‍රියාවක් ලෙස එදා ලොකු බණ්ඩාර මහතාට නොසිතෙන්නට ඇති බවත් ඔහු පවසා සිටියා.

අභාවප්‍රාප්ත හිටපු කතානායක විජමු ලොකු බණ්ඩාර මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී පාර්ලිමේන්තු මංත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා මේ බව පවසා සිටියා.එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here