සිකුරාදා දවල්ට සමහර ආයතන වැඩ නෑ..බැංකු වැඩ නෑ..එහෙම බෑ – සරත් වීරසේකර

0

ජනා­ධි­ප­ති­තුමා කිය­නවා එකම රටක් එකම නීති­යක් කියලා. ඒ වුණාට නැඟෙ­න­හිර පළාතේ ඇතැම් ප්‍රදේ­ශ­වල සිකු­රා­දාට බැංකු පවා වහ­නවා. සම­හර රජයේ කාර්යාල පවා සිකු­රාදා දවල්ට වැඩ නැහැ. මොකක්ද මේ දෙබිඩි පිළි­වෙත් නීතිය.

ඒ සම්බ­න්ධ­යෙන් මටත් දැන ගන්නට ලැබිල තියෙ­නවා. ඒ තත්ත්ව­යන් වහාම වැළැ­ක්විය යුතුයි. අපි අනි­වා­ර්යෙන්ම රටේ නීතිය සැමට එකක් ලෙසින් තමයි කට­යුතු කරන්නේ. රටේ නීති­යට අනු­ගත ලෙස කට­යුතු කරන්න කියලා අපි පොලිස් නිල­ධා­රීන්ට පවා දැනුම් දී තියෙ­නවා.

ඒ නීති­යට අනු­ගත වෙන්න බැරි අය ඉන්නව නම් ඒ නීති ක්‍රියා­ත්මක කරන රට­වල් වලට ඒ අය යන්න ඕන. මෙහිදී රජය අප­හ­සු­තා­වන්ට පත් කරන්නේ නැතුව මේ නොමනා ක්‍රියා­දා­ම­යන් එයා­ලම වළක්ව ගත්තොත් හොඳයි නැත්නම් අපට ඒක කොහොම හරි වළ­ක්වන්න වෙනවා.සිංහල බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳි­න්වු­වත් කිසිදු අව­ස්ථා­වක බෞද්ධා­ගම බලෙන් අනෙක් අයට පට­වන්න ගිහින් නැහැ. අනෙක් අයත් ඒ විදි­හ­ටම කට­යුතු කළොත් හොඳයි.

බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් වුණු පිල්ලෙ­යාන් පිළි ගන්න පාසල් සිසුන් යොදා­ගෙන උත්ස­ව­යක් තිබ්බා. පාසල් නිවාඩු කාලෙ සිසුන් යොදා­ගෙන නිරෝ­ධා­යන පනත උල්ලං­ඝ­නය කර­මින් තමයි මේ කට­යුතු සිදු කෙළේ. ඇයි රජය නිහඬ

එවන් කට­යුතු ඉදි­රි­යේදී නොවන්න අපි ක්‍රම­යෙන් පිය­වර ගනි­මින් ඉන්නෙ. මම අවශ්‍ය උප­දෙස් ලබා දී තියෙ­නවා. නීති­යට පුද්ග­ලයා කවුද යන්න අදාළ වන්නේ නැහැ.

( ඉරිදා සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකින් උපුටාගැනීමක් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here