වැඩියෙන්ම ණය ගත්ත අවුරුද්ද 2020…රුපියල් බිලියන 2850 ක් අරන්.

0

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය සටහන් කරමින් 2020 වසරේදී පමණක් වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 2850ක ණය ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවැසීය.

එසේම 2021 අයවැය යෝජනා ඔස්සේ මෙම වසර වෙනුවෙන් තවත් රුපියල් බිලියන 2930ක ණය ලබාගැනීමට ආණ්ඩුව සූදානම් වන බැවින් මෙම වසර ඇතුළත පමණක් රටේ ණය බර රුපියල් බිලියන 5780කින් ඉහළ යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊයේ (3 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කළ මන්ත්‍රීවරයා මෙලෙස ලබාගන්නා ණය මුදල්වලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති මොනවා දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

පසුගිය වසරේ (2020) තෙල් මිල පහත යෑම සහ ආනයන සීමා කිරීම් වෙනුවෙන් ඩොලර් බිලියන තුනයි දශම තුනක් ඒ කියන්නේ රුපියල් කෝටි හැටහතරදහස් තුන්සිය පනහක් රටට ඉතුරු වුණා.​ කෝ ඒ ඉතුරු වුණු මුදල්? අද අපේ විදේශ සංචිතයේ තියෙන්නේ ඩොලර් බිලියන හතරයි දශම අටයි. ඒ ඉතුරු වුණු මුදලයි වසර දෙකේදී ණය විදිහට ගත්ත මුදලයි තියාගෙන මොකක්ද මේ ආණ්ඩුව රට වෙනුවෙන් කරලා තියෙන්නේ?’ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here