චීන රජය ශ්‍රී ලංකාවට යුවාන් බිලියන 10ක ඇමරිකානු ඩොලර් 1.5ක (රුපියල් කෝටි 29,250ක) හුවමාරු ණය මුදලක් අනුමත කර ඇත.
පසුගිය සති කිහිපය තුළ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (9 වැනිදා) මෙම ණය මුදල අනුමත වූ බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ‘අරුණ’ට පැවැසීය.
‘චීනය සමග මේ හුවමාරු ණය පහසුකම අපි ක්‍රියාත්මක කළේ දෙදහස් දාහතරේදී. නමුත් යහපාලන ආණ්ඩුව මේ පහසුකම අත්හැර දැම්මා. මේකේ තියෙන විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතක අරගෙන අවශ්‍ය ඕනෑම කාලයකදී ආපසු ගෙවීමට ඇති හැකියාව, එම නිසා මේක සාමාන්‍ය ණය පහසුකමක් නෙමෙයි.
අදාළ ණය මුදල චීන යුවාන් මුදල් ඒකකයෙන් මෙරටට ලැබීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
‘ඩොලර්වලින් නැතිව යුවාන්වලින් ලැබුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒවායේදී අපිට මේ මුදල් භාවිත කරන්න පුළුවන්. ඒ නිසා මේ ණය මුදලේ වටිනාකමේ කිසිම වෙනසක් නැහැ.’