සීනි ආනයනය වැඩිවී ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් නිසා යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (12) පෙරවරුවේ දෙරණ “බිග් ෆෝකස්“ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“සීනි ආනයනය වැඩිවෙලා තියෙන්නේ සීනි මිල අඩු වුණාම, සීනි අඩු මිලට දෙන එක හොඳ නෑ කියලා තමයි මාත් පුද්ගලිකව හිතන්නේ. මොකද සීනි පාවිච්චි කරන්නේ තේ බොන්න විතරක් නෙමෙයි. වෙන කර්මාන්තයක් තියෙනවා නීතිවිරෝධී ගෘහ මට්ටමින් සිද්දවෙන ගම් මට්ටමේ කර්මාන්තයක්. වැඩි වැඩියෙන් සීනි ලාභ වුණාම ඒකට යෙදවෙනවා. ඒක ප්‍රායෝගික ඇත්තක්. ඒ අය හැළි පිටින් මේ දිනවල හදා ගන්න ඇති.