විමල්ගේ වැය ශීර්ෂය පරදවන බව පොහොට්ටු පසුපෙල අගමැතිට දන්වලා.

0

අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගන්නේ නම් එළඹෙන අයවැයේ දී ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇතැයි ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබේ.

එම පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසී එසේ දන්වා ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.

විමල් වීරවංශ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් ආණ්ඩුව විවේචනය කරන සිටින බවද මන්ත‍්‍රී පිරිස පෙන්වා දී ඇතැයිද එහි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here