විල්ප­ත්තුව කැපූ රිෂාඩ් සජ­බයේ සමා­ජි­ක­යෙක් නොවෙයි..හිරුණිකා.

0

විල්පත්තු රක්ෂි­තය විනාශ කළ බව කියන රිෂාඩ් බදි­යු­දීන් මහතා සමඟි ජන­බ­ල­වේ­ගයේ සාමා­ජි­ක­යෙක් නොවන බව එම පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රිනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය විපක්ෂ නායක කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­ව­කදී ඊයේ (19) පැව­සීය.

ඇය මේ බව කියා සිටියේ සිංහ­රාජ වනා­න්ත­රය එළි පෙහෙළි කරන ලද බවට රූප­වා­හිනි වැඩ­ස­ට­හ­නට එක් වෙමින් ප්‍රකාශ කිරීම හේතු­වෙන් තර්ජ­න­යට ලක් වූ බව කියන භාග්‍යා අබේ­රත්න නමැති තරු­ණි­යට සහාය වීම සඳහා විපක්ෂ නායක කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

විල්පත්තු රක්ෂි­තය එළි පෙහෙළි කළ බවට චෝදනා සමඟි ජන බල­වේ­ගය පක්ෂයේ මන්ත්‍රී­ව­ර­යෙක් වන රිෂාඩ් බදි­යු­දීන් මහ­තා­ටත් එල්ල වී තිබෙ­නවා නේද යන්න එහිදී මාධ්‍ය­වේ­දි­යකු විමසා සිටි­යේය.

ඊට පිළි­තුරු දෙමින් හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය කියා සිටියේ ඔහු මුස්ලිම් පක්ෂ­යක නාය­ක­යෙක් පම­ණක් බවය. ඔහු සමඟි ජන බල­වේ­ග­යට සම්බ­න්ධ­යක් නැති බව කියා සිටි ඇය මැති­ව­ර­ණ­යට පම­ණක් ඔහු සමඟි ජන බල­වේ­ගය සමඟ සන්ධා­න­ගත වූ බවත් කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here