ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට රටවල් 57 කින් යුත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය එරෙහි වී ඇත.
රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් කෙටුම්පත් කළ මෙම බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉස්ලාමීය රටවල් 12 ද විරෝධය පා තිබේ.
මෙම යෝජනාවට අදාළ කැබිනට් පත්රය රජයට ඉදිරිපත් වූ විගස මුස්ලිම් ක්රියාකාරීන් සහ දේශපාලනය පිරිසට ඉස්ලාම් රටවල තානාපතිවරු මාර්ගයෙන් මැද පෙරදිග රටවල ආණ්ඩු වෙත දැනුම් දී එම යෝජනාවට කිසිසේත් ඉඩ නොදෙන ලෙස දන්වා ඇත.
මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මෙම බුර්කා තහනම වහාම නතර කරන ලෙසට ශ්රී ලංකා රජයට දන්වා තිබේ.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ අන්තවාදී මුස්ලිම් ක්රියාකාරීන් පිරිසක් ඉස්ලාමීය රටවල් වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් ශ්රී ලංකාවෙන් ගෘහසේවිකාවන් ගෙන්වීම නතර කරන ලෙස ඉල්ලා ඇති බවය.
කීර්ති වර්ණකුලසූරිය