අද වන විට මෙරට වෙළඳපළ තුළ භාණ්ඩමිල ඉහළයාම සඳහා විනිමය අනුපාත ඉහළයාම ඇතුලු සාධක රැසක් බලපා ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.
රේගු ආඥා පනත යටතේ සහ ආනයන අපනයන පනත යටතේ නියමයන් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (23) පැවැත්වෙන විවාදයේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
මේ වනවිට අමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් දෙසීයක සීමාවක පවත්වාගෙන යනු ලබන්නේ ඉතා අසීරුවෙන් බවත් ගෝලීය තත්වයන්ට අනුව ඉදිරියේදී එය රුපියල් 350ක් දක්වාද ඉහළ යා හැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.