ඉදිරි පලාත් සභා මැතිවරණයේදී බස්නාහිර පලාත් සභාවේ මහ ඇමති අපේක්ෂකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම යෝජනා වී තිබෙන බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මංත්‍රී අජිත් පී පෙරේරා මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තමා තිබෙනවා.
ඉදිරි කිසිම මැතිවරණයකට ඉදිරිපත්වීමට මම කැමැත්ත පලකර නැතිබව කාරුණිකව දැනුම්දෙමි. අනවශ්‍ය වාද විවාද වලට මාව සම්භන්ධ කරගන්න එපා යනුවෙන් එම ෆේස්බුක් සටහනින් හිටපු මංත්‍රීවරයා පවසා සිටිනවා.