රන්ජන්ගේ බලාපොරොත්තු සුන් වේ..මාන්නපෙරුමට පින පෑදේ..රන්ජන්ගේ මංත්‍රීදූරය අහෝසියි

0

අධිකරණයට නිගරු කිරීමේ  වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව  සිටින  රන්ජන් රාමනායක මහතාගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම  රිට් පෙත්සම ගොනු  කරනු ලැබුවා.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා  යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට සහන ලබා දීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව මෙහිදී විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර සිටියා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පරාජිතයින්ගේ ලැයිස්තුවේ මුලින්ම සිටින හිටපු පාර්ලිමේන්තු මංත්‍රී අජිත් මාන්නපෙරුම මහතාට රන්ජන් රාමණායක මහතාගේ මංත්‍රීදූරය හිමි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here