එරික් පෙරේරා වගේ දක්ෂයො තව ඉන්නව..වෙන්නප්පුවට අලුතෙන් දාපු කෙනත් දක්ෂයෙක් තමයි..දේශපාලනය ගාව ගන්න එපා

0

සමාජයේ දැඩි කතාබහට ලක් වී තිබෙන වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුව සිදු කළේ දේශපාලන හේතුවකට නොවේ යැයි මහජන සෞඛ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කියයි.

මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කළේ ඔහුට විරුද්ධව ඉදිරිපත්වී තිබූ පෙත්සම් රැසක් සැළකිල්ලට ගැනීමෙන් පසුව යැයිද අමාත්‍යවරයා පවසයි.

මෙය තවත් එක් මාරු කිරීමක් පමණක් බව කී වීරසේකර මහතා හමුදාවේ වගේම පොලිසියේ ද ස්ථාන මාරුවීම් නිතර සිදු කිරීම සාමාන්‍ය දෙයක් යැයි ද කියයි.

එරික් පෙරේරා වැනි දක්ෂ නිලධාරීන් පොලිසියේ තවත් සිටිනවා. වෙන්නප්පුව ප්‍රදේශයට අලුතින් පත් කරන ලද සහකාර පොලිස් අධිකාරිවරයා ද එවැනි දක්ෂයකු බවත් සරත් වීරසේකර මහතා කීය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ පර්ලිමේන්තුවේ දි කළ පැණයකට පිළිතරු දෙමින් වීරසේකර මහතා ඒ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here