ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කරන ලද චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව හෙට (23) ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු එක්නොවන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වැටුප් සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන චමින්ද වාස් ඉල්ලා අස්වූ බවය.
විදෙස් පුහුණුකරුවන්ගේ ගෙවීම්වලට සාපේක්ෂව දේශීය පුහුණුකරුවන්ට ද ගෙවීම් කළ යුතු බව චමින්ද වාස් ඉල්ලීමක් කර තිබිණි.මෙය වගකීම්.විරහිත ක්රියාවක් බව ක්රිකට් ආයතනය පවසා සිටිනවා.