අපි ආවේ දිනන්නමයි – ශී‍්‍ර ලංකා ලෙජන්ඞ්ස් නායක ඩිල්ෂාන් කියයි

0

රෝඩ් සේෆ්ටි ලෝක කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම තමා ඇතුළු කණ්ඩායමේ එකම අභිමතාර්ථය බව ශී‍්‍ර ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් දිවයිනට ඊයේ 15 දා පැවසීය.

එංගලන්තයට එරෙහිව කඩුලූ 6 ක විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව දිවයින’ට එසේ අදහස් පළ කළ ඩිල්ෂාන් එහිදී මෙසේ ද පැවසීයග

මේ තරගාවලියේ අපි මෙතෙක් සාර්ථක ගමනක් ආවා පන්දුවෙන් පිත්තෙන් පන්දු රැකීමෙන් අපේ කණ්ඩායම විශිෂ්ට දක්‍ෂතා දැක්වූවා. ඒ හින්දා තමයි පළමු වටයේ තරගාවලියේ අංක 01 ස්ථානයට පැමිණීමට හැකි වුණේග

සියලූ දෙනාම හොඳ කණ්ඩායම් හැඟීමෙන් කී‍්‍රඩා කරනවා අපේ ඉලක්කය අවසන් පූර්ව තරගය ජය ගෙන අවසාන මහා තරගයට ප‍්‍රවේශ වීමයි ඕනෑම කණ්ඩායමක් පරාද කිරීමේ තරම් දක්‍ෂ කණ්ඩායමක් අපට සිටිනවා යැයි ද ඩිල්ෂාන් පැවසීය.

තරගාවලියේ පළමු වටයේ තරග 6 න් 5 ක් ජයග‍්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට :17 වැනිදා අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය. ඔස්ටේ‍්‍රලියාවල බංග්ලාදේශයල බටහිර ඉන්දීය කොදෙව්වන්ල දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය පරාජය කිරීමට ශී‍්‍ර ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි වියග

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ කඩුලූ ලාභියා වන ශී‍්‍ර ලංකා නායකයා එහිදී ලකුණු 232 ක් සහ කඩුලූ 12 ක් දවා ගෙන ඇතග උපුල් තරංග තරග 4 කදී ලකුණු 185 ක් ද රංගන හේරත් තරග 5 කදී කඩුලූ 7 ක් ද දවාගෙන ඇතග

කුෂාන් සුබසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here