පීටසන් මට කිව්වෙ උබ මේකට හොද වැඩී..උබ ඉන්න ඕන නැෂනල් ටීම් එකේ කියල.

0

ලෙජන්ඞ්ස් යනු අමතක නොවන වීරයන්ය. ඔවුහු කුමක් හෝ ක්‍ෂේත‍්‍රයකින් නොමැකෙන සේවයක් කළා වූවෝ වෙති. ඔවුන් අමරණීය වූවන් යැයි ද කිව හැක. ඒ අමරණීය වූවන් අතරේ කි‍්‍රකට්වලින් අමරණීය වූවන් අතර ලෝක කි‍්‍රකට් තරගාවලියක් දැන් පැවැත්වේ. ඒ ඉන්දියාවේදීය. එහි අවසන් තරගය අද පැවැත්වේ.

ඒ තරගාවලියේදී ලෙජන්ඞ්ස්ලා අතර ද ලෙජන්ඞ් කෙනෙක් වූ අයෙක් වේ. 44 හැවිරිදි වියේ පසු වුවත් තවමත් තිරිහන් වෙමින් තරග වදින හේ ටී. එම්. ඩිල්ෂාන්ය. ලෙජන්ඞ්ස්ලා ගැන ගායනා වුණු අතිශය ජනපි‍්‍රය ගීතයක් ද වේ. එහි පළමු පද කිහිපයෙන් කියැවෙන අර්ථය මෙසේය. ලෙජන්ඞ්ස්ලා කවදාවත් නොමියෙනු ඇත. ලෝකය ඔබේ නම කියමින් කෑගසනවා ඔබට ඇහෙනවා දැයි ඉන් කියැවෙයි.

ඒ වගේම තිලකරත්න ඩිල්ෂාන් නාමයත් යළිත් අපේ රට තුළ මෙන්ම, ලෝකයේ ද කතාබහ වෙන්නට පටන්ගෙන තිබෙනවා. එය ඔබට දැනෙන්නේ කොහොමද?

එය ලොකු සතුටක්, ආයෙත් රට වෙනුවෙන් කී‍්‍රඩා කරනවා වගේ දැනෙනවා. මිනිසුන් අපට කොයි තරම් ආදරේද, අපට කොයි තරම් ගරු කරනවද කියලා අපට මේ තරගාවලිය නිසා දැනෙන්න ගත්තා. ඒ උණුසුම් ප‍්‍රතිචාරය තමයි අපව දිරිමත් කරවන්නේ. ඒ වගේමයි රට වෙනුවෙන් කී‍්‍රඩා කරනවා කියන හැඟීම.

තරගාවලියට සහභාගි වන විට මොනවගේ බලාපොරොත්තුවක්ද තිබුණේ?

මෙතරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් තරගයෙන් තරගය ජය ගැනීම අපේ උපක‍්‍රමය වුණා. ඒ සැලැස්ම සාර්ථක වුණා. දැන් අපි ඕනෑම කණ්ඩායමක් පරාද කිරීමට තරම් ශක්තිමත්ව සිටිනවා.

එංගලන්තය සමග මූලික වටයේ පැවැති අවසන් තරගය මේ තරගාවලියේ තවත් විශේෂ තරගයක් බවට පත් වුණා. ඒ පිළිබඳව කතා කළොත්?

එංගලන්තය ලකුණු 76 කට සීමා කිරීමට අපට හැකි වුණා. ඒත් මූලික වටයේ අංක එක බවට පත්වීමට නම් ඒ තරගය පන්දුවාර 7.4 ක් තුළ ජයගැනීමේ ඉලක්කය අපට එල්ල වුණා. ඒ අභියෝගය අපි භාරගත්තා. ඔවුන් දැවී යෑමෙන් පසු අපි කී‍්‍රඩාගාරයේදී සාකච්ඡුා කර තීරණය කරා අදාළ ඉලක්කය එම පන්දු වාර සංඛ්‍යාව තුළ පසුකරන බවට. සනත් අයියා, රංගන අයියා, තරංග, කුලසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් හැම දෙනාම කිව්වේ අපි ඕවර් 8 ක් යන්නට පෙර ඒ ලකුණු ප‍්‍රමාණය ලබාගත යුතු බවයි. ඒ අධිෂ්ඨානයෙන් තමයි අපි පන්දුවට පහර දුන්නේ.

ඒත් ඉක්මනින් කඩුලූ දෙකක් බිඳවැටුණා. එතකොට හිතුනේ නැද්ද ඉලක්කයට යන්න බැරිවෙයි කියලා?

නැහැ. රට වෙනුවෙන්, ජාතික කොඩිය වෙනුවෙන් තමයි අපි කී‍්‍රඩා කරන්නේ. කිසිම වෙලාවක අපි අපි ගැන හිතුවේ නැහැ. ඒ කාලයේදීත් එහෙමයි. දැනුත් එහෙමයි. ඒ හැඟීම අපව දිනෙව්වා කියලා තමයි මට හිතෙන්නේ.

එහිදී පන්දු යැවීමේදී ලකුණු 6 කට කඩුලූ 4 ක් දවාගත් ඔබ පිතිහරඹයේදීත් පන්දු 23 ක් තුළ ලකුණු 61 ක් ලබාගත්තා. 76 ඉලක්කයෙන් 61 ක් වගේම කඩුලූ 10 න් 4 ක් ම ඔබට. උඩ පන්දු වගේම, තවත් විශිෂ්ට පන්දු රැුකීම් අවස්ථා. කොහොමද මෙතරම් දක්‍ෂතා පෙන්වන්නේ?

මගේ ඇගේ තවම ක‍්‍රිකට් තියෙන නිසා වෙන්න ඇති. ඒ වගේම මූලික වටයේදී එකට එන්න තමයි අපිට ඕනෑ වුණේ. පන්දුවට පහර දීමේදී මං මගේ ලකුණු ගාණ ගැන හිතුවේ නැහැ. ලකුණු 49 දීත් මොන්ටි පනේසාර්ගේ කෙලින් ආ පන්දුවකට මං අනෙක් පසට හැරී ස්විප් පහරක් එල්ල කරනවා. පනේසාර්ගේ හැට්ටි‍්‍රක් එකකට අවශ්‍ය පන්දුවට. අර්ධ ශතකය ගැන හිතුවා නම් කවදාවත් එහෙම පහරක් ගහන්න බැහැ. දැවී යයි කියලා බය හිතෙනවා. ඒත් මම මගේ 50 ගැන නොවේ හිතුවේ. අපේ රට ගැන. කොහොම හරි ඒ ඕවරයේදී මං හතරේ පහර 3 ක් සහ 6 පහරක් පනේසාර්ට ගැහැව්වා.

ඔබගේ මේ සුවිශේෂී දක්‍ෂතා ගැන ප‍්‍රතිවාදී කණ්ඩායම්වල කී‍්‍රඩකයෝ මොකද කියන්නේ?

ගොඩක් දෙනා සුබ පතනවා. කොහොමද ඔහොම හොඳට කී‍්‍රඩා කරන්නේ කියලා අහනවා. එංගලන්ත තරගයෙන් පසුව එම කණ්ඩායමේ නායක පීටර්සන් මාව වැළඳගෙන සුබපැතුවා. ඒ වෙලාවෙදි ඔහු කිව්වා ”උඹ මේ තරගයට හොඳ වැඩියි. උඹ මෙතන නොවෙයි ඉන්න ඕන ජාතික කණ්ඩායමේ. උඹට තවම හොඳට ගහන්න පුළුවන් කියලා කිව්වා.

ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාවට සමුදුන්නා ඉක්මන් වැඩියි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

ඒ කාලයේදී මං හිතුවා මං සමුගන්නේ හරිම වෙලාවෙදි කියලා. ඒත් ඊට වසර දෙකකට පමණ පසුව මට හිතුණා සමුගත්තා ඉක්මන් වැඩියි කියලා. ඒ බව මං මාධ්‍ය හමුවක් තියලා ප‍්‍රකාශ කළා.

නැවත ජාතික කණ්ඩායමට එන්න කියලා ආරාධනා කළොත්?

දැන් එහෙම අදහසක් නැහැ. ගොඩක් දෙනෙක් කියනවා ආපසු ජාතික කණ්ඩායමට ගියොත් හොඳයි නේද කියලා. ඒත් දැන් ඒ සඳහා සුදුසු කාලය නොවෙයි.

ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායමේ නායකයා හැටියට කණ්ඩායම ඇතුළෙ සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම පවත්වාගෙන යන්නේ කොහොමද?

අපි හැමෝම හොඳ සම්බන්ධතාවයකින් සිටිනවා. සනත් අයියා, නුවන්, තරංග, රංගන, කෞශල්‍ය, අජන්ත අපි හැම දෙනාම හොඳ බැඳියාවකින් සිටිනවා. ජිම් එකට යනවා. ස්විමින් ෆූල් යනවා. පුහුණුවීම් කරනවා. හරියට ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කරනවා වගේ තත්ත්වයක් අපි අතරේ ඇතිවෙලා තිබෙනවා.

ඒ කාලයේ කී‍්‍රඩා කළ පිත්තෙන් ද ඔබ තවමත් කී‍්‍රඩා කරන්නේ?

නැහැ. මේ පිත්ත මම ඉන්දියාවට ඇවිල්ලා මට ඕන විදිහට පදම් කරලා නිර්මාණය කර ගත්ත මගේ පිත්තක්. විටෝ ඞීඞී කියා. මේ පිත්ත ලබන මැයි මාසයේ සිට අපේ සියලූ කී‍්‍රඩකයන්ට ලබා දෙන්න මං බලාපොරොත්තු වෙනවා.

තරගාවලියට එකතුවෙලා සිටින අනෙක් කී‍්‍රඩකයන් ගැන ඔබට මොකද හිතෙන්නේ?

ලාරා, පීටර්සන්, ජොන්ටි රෝඞ්ස්, සනත් ජයසූරිය මේ අය තවමත් කොතරම් දක්‍ෂ ද කියලා හිතෙනවා. ලාරාට අවුරුදු 51 ක් විතර ඇති. ඒත් එයා බැට් කරන හැටි හිතාගන්නත් බැහැ. පීටර්සන් අපට කිව්වේ එයා අවුරුදු ගාණකින් බැට් එකක් ඇල්ලූවේවත් නැහැ කියල. ඒත් කලින් දවසේ පුහුණුවීම් කරලා ඇවිත් ඔහු ලකුණු හැත්තැ ගාණක් ගැහැව්වා. ජොන්ටි තවමත් එදා වගේම පන්දු රකිනවා. සනත් අයියාගේ ඩ‍්‍රයිව් පහරේ ජවයත් එලෙසමයි. ඔවුන් කී‍්‍රඩා කරන අයුරු බලාගෙන සිටීමත් සතුට ගෙන දෙන්නක්.

කුෂාන් සුබසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here