ඇෆ්ගනිස්ථානයේ ඇෆ්ගන් ඉන්දියාවේ දෝණිව අභිබවා යයි..ලංකාව පැත්ත පලාතක නෑ

0

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කියූ නායකයා බවට පත් වීමට ඇෆ්ගනිස්තාන නායක අස්ගර් ඇෆ්ගන්ට හැකිව තිබේ.

විස්සයි විස්ස තරග 52කට නායකත්වය ලබා දී තිබෙන අස්ගර් ඉන් ජයගෙන තිබෙන තරග සංඛ්‍යාව 42කි. එහිදී අස්ගර් විසින් බිඳ හෙළනු ලැබුවේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණි තරග 72කට නායකත්වය ලබා දී තරග 41ක් ජයගෙන තිබීමේ වාර්තාවයි.

ඉකුත් සතියේ නිමාවට පත්වූ සිම්බාබ්වේ සමග පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0කින් ජය ගැනීමත් සමගින් අස්ගර්ට අදාළ අවස්ථාව උදා විය.

වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලැබූ නායකයින් ලැයිස්තුවේ තෙවැනි ස්ථානය තරග 59කින් 33ක් ජයගෙන තිබෙන එංගලන්ත නායක ඔයින් මෝර්ගන්ටත්, එහි සිව්වැනි ස්ථානය තරග 37කින් 29ක් ජයගෙන තිබෙන පාකිස්තාන හිටපු නායක සර්ෆ්‍රාස් අහමඩ්ටත්, එම පස්වැනි ස්ථානය තරග 45කින් 27ක ජය හිමිකරගෙන සිටින ඉන්දීය නායක විරාට් කෝලිට සහ අදාළ ලැයිස්තුවේ හයවැනි ස්ථානය තරග 47කින් 27ක් ජයගෙන සිටින හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සමීටත් හිමිව තිබේ.

( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here