ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව එළියට විසි වන ලකුණු

0

ICC Men’s Cricket World Cup Super League හි අද ලකුණු සටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කර තිබෙනවා.

එම සටහනට අනුව එහි ප්‍රථම ස්ථානයට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු හතළිහක් සමගින්.

එහි දෙවන සහ තෙවන ස්ථාන වල පිළිවෙලින් ඔස්ට්‍රේලියාළින් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පසුවනවා.අදාළ ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු දෙකක් ලබා සිටින ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එකොළොස් වන ස්ථානයයි.ඒ ඔවුන් ක්‍රීඩා කළ එක් දින තරඟ ත්‍රිත්වයම පරාජයට පත් වීම හේතුවෙන්.

මෙහි පළමු ස්ථාන අට තුළ රැඳී සිටින කණ්ඩායම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන බව සඳහන්.

සෙසු කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට ක්‍රීඩා කළ යුතු බවයි වාර්තා වන්නේ.

එක් තරගයක් ජයග්‍රහණය කිරීමේ දී කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 10ක් හිමිවන අතර තරග සම වීමකදී ජය පැරදුමෙන් තොරව අවසන් වීමකදී සහ තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ දී එක් කණ්ඩායමකට ලකුණු 5 බැගින් ප්‍රදානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here