ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හටද කොරෝනා ආසාදානය වී ඇති බව වාර්තා වේ. මේ වන විට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ 4 වැනි ක්රීඩකයාටද කොරෝනා ආසාදනය වූ නමුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලෙන් එවැනි තත්ත්වයක් වාර්තා වී නොතිබුණි.
ඉන්දීය කොරෝනා ආසාදිත සිව්වැනි ක්‍රීඩකයා ඉර්ෆාන් පතාන් බව එරට මාධ්‍ය වාර්තා කළ අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ලෙජන්ඩ්ස් පොකුර 4 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නිරෝධායන කාලය අවසන් වීමට තිබුණද මෙම තත්ත්වය මත ඔවුන්ගේ නිරෝධායන කාලය දිගු කර ඇතැයි වාර්තා වේ.
මීට පෙරදී ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්, යුසුෆ් පතාන් සහ සුබ්‍රමනියම් බද්රිනාත්ට කොරෝනා ආසාදනය විය. මේ සියලු ක්‍රීඩකයන්ට සුළු රෝග ලක්ෂණ පමණක් පවතින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
රෝඩ් සේෆ්ටි ලෝක ශූරතාවේ අවසන් මහා තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදුණු අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ආශ්‍රිතයන් වන්නට ඇතැයි සැලකේ. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආසාදිතයා කව්රුන් දැයි ඊයේ පස්වරුව වනතුරුත් නිල වශයෙන් ප්‍රකාශ වී නොතිබුණි.