ජාත්‍යන්තර 20-20 පිටියේ සැරම පිතිකරුවා ලංකාවෙන්…මැක්ස්වෙල් දෙකට

0

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම Strike rate රඳවාගත් ක්‍රීඩකයා ලෙසින් කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක රවිජ සඳරුවන් පත්ව සිටී.

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 28 හැවිරිදි රවිජගේ Strike rate 165.8ක් වශයෙන් සඳහන් වේ.2019-2020 තරගවාරයේ දැක්වූ දක්ෂතා පදනම්කර ගනිමින් ඔහුට මෙම අවස්ථාව උදා වී තිබේ.

කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායම හා එක්වීමට පෙර රවිජ, ශ්‍රී ලංකාවේ පැවැති පළමු පෙළ ක්‍රිකට් තරගාවලියන්හිදී සැරසන්ස් ක්‍රීඩා සමාජයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් කටයුතු කර ඇත.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ට හිමිව තිබේ. ඔහුගේ පන්දුවට එල්ලකිරීමේ වේගය සටහන්ව ඇත්තේ 158.92ක් වශයෙනි. අදාළ ක්‍රීඩකයින් අතර 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා පසුවන අතර ඔහුගේ පන්දුවට එල්ලකිරීමේ වේගය 151.63කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here