ටෙස්ට් ශූරතාව අතර ටෙස්ට් වරම් ලැබූ කණ්ඩායමට පැතුම් නිස්සංකත්.

0

විස්ඩන් සඟරාව විසින්,ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව අතරතුරදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් නිර්මාණය කළ නැගී එන ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංකද ඇතුළත්ව තිබේ.

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගන්නා පැතුම්, එම තරගයේ දෙවැනි ඉනිමේදී සිය මංගල ශතකයද වාර්තා කළේය.

මේ වනවිට 22 වැනි වියෙහි පසුවන පැතුම් එක්දින වරම්ද එම කොදෙව් තරගාවලියේදීම ලැබීම විශේෂත්වයකි.

පැතුම්ට අමතරව මෙම ලැයිස්තුවට කොදෙව් ක්‍රීඩකයන් 4ක් ඇතුළත් වී තිබේ. ඒ අතරට ක්‍රිකට් පිටියේ දැවැන්තම ක්‍රීඩකයා ලෙස සැලකෙන රකිම් කොන්වෙල්ද ඇතුළත්ය. සෙසු කොදෙව් ක්‍රීඩකයන් ලෙසින් කෘමා බොනර්, ජෝෂුවා ද සිල්වා සහ කයිල් මේයර්ස් නම් කර තිබිණි. අදාළ කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙසින් ඇන්රික් නොජේ, ජෝෆ්රා ආචර්, කයිල් ජෙමිසන් සහ අක්සාර් පටෙල් නම් කර ඇති අතර ශුබ්මන් ගිල්ව පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here