ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තුරු එහි පරිපාලනය කළමණාකරණ කමිටුවක් යටතට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාල කළමනාකරණ කමිටුව ගැසට් පත්‍රයක් මගින් දැනුම් දී ඇති අතර මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා එහි සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
ලේකම් වශයෙන් ඇෂ්ලි ද සිල්වා මහතා පත් කර ඇති අතර භාණ්ඩාගාරික වශයෙන් පත්කර ඇත්තේ සුජීව මුදලිගේ මහතායි.
ඊට අමතරව නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා සහ අමල් එදිරිසූරිය මහතා මෙම කළමනාකරණ කමිටුවට පත්කර තිබෙනවා.
අදාල කමිටුව ලබන 06 වැනිදා වැඩභාරගැනීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.