මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රය සම්පූර්ණයෙන් කඩාවැටී ඇති බවත්, මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අතකොළුවක් බවට පත්ව ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. රට පුරා රෝහල්වල දැඩි වෛද්‍ය හිගයක් ඇති වී තිබෙද්දී සුදුසුකම් සහිත වෛද්‍යවරුන් 70 කට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පුරවාගෙන සිටින බවයි ආනන්ද හිමි පෙන්වා දෙන්නේ.
ඉදිරි පැය 72 ඇතුළත පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් හැර සියලු වෛද්‍යවරුන් අමාත්‍යංශයෙන් ඉවත් කර රෝහල්වලට අනුයුක්ත කරන ලෙස මුරුත්තෙට්ටුවේ හිමි පවසනවා. එසේ නොහැකි නම් සෞඛ්‍ය ක්ෂේත්රයේ සෙසු වෘත්තීය සමිතිවල නියෝජතියන්ද අමාත්‍යංශයේ තනතුරු සඳහා පත්කළ යුතු බවද අවධාරණය කරනවා.
වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ එක් එක් පුද්ගලයන්ට ගෙඩි කඩා ගැනීමට හෝ මඩිය තරකර ගැනීමට හෝ නොවන බවත්, එබැවින් තුනෙන් දෙක ගැන පම්පෝරි නොගසා නිවැරදිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ආනන්ද හිමි පවසනවා. එසේ නොමැති වුවහොත් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට මැදිහත් වූ ආකාරයෙන්ම, ආණ්ඩුව ගෙදර යැවීමටද පෙරමුණ ගන්නා බවයි ආනන්ද හිමි අවධාරණය කරන්නේ